ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේදී දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *