ඉන්දීය මුදල් ඇමති අද දිවයිනට

ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සංචාරය අතරතුර නිර්මලා සීතාරාමන් නොවැම්බර් 2 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරන ලද ‘NAAM 200’ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *