සෑම වසරකම ජනවාරි, අප්‍රේල්, ජුලි, ඔක්තෝබර් පළමුවනදා විදුලි ගාස්තු සංශෝධනය කරනවා – කංචන

නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

වර්ෂයකට මාස 3 කට වරක් විදුලි ගාස්තු සංශෝධය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ජනවාරි මස 01 වනදා, අප්‍රේල් මස 01 වනදා, ජුලි 01 වනදා සහ ඔක්තෝබර් 01 වනදා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *