සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයට නව විනිසුරු මඩුල්ලක් නම් කරයි

අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා විභාග කරන නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය සඳහා සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල වෙත යොමු කරන බවයි අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කර ඇත්තේ.

මෙම පෙත්සම් මීට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර පසුව නඩු විභාගයෙන් විනිසුරු චමත් මොරායස් ඉවත් වීමෙන් අනතුරුව මෙම නව විනිසුරු මඩුල්ල වෙත අදාළ පෙත්සම් යොමු කිරීමට තීරණය කර තිබුණා.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් නොවැම්බර් මස 13 වනදා කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *