විදුලිබල ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.
අදාළ X පණිවිඩය පහතින්.