ඩෙංගු රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළට

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව කලාප 24ක් ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ පවතින බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

මේ මාසයේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3631 ක් බවත්, එම සංඛ්‍යාව පසුගිය මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා රෝගීන් දහසකට ආසන්න වැඩි වීමක් බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *