ගැටලු විසඳීමට අස්වැසුම සතියක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීම සඳහා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව නොවැම්බර් මස 06 වනදා සිට 11 වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාද වීම ඇතුළු ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි සඳහන් වන්නේ.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අගෝස්තු මාසයට අදාළ ගෙවීම් හෙට (01) සිට ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *