මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සහ හෙට වැඩ වර්ජනයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට (31) වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ සඳහන් කළේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද, අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *