ජපානයේ රැකියා දෙන බව පවසා ලක්ෂ 163ක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුකළ මුදල් වංචාවකට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් මෙම පුද්ගලයින් දෙදෙනා වංචාකර ඇති බවට පැමිණිලි 7ක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 35 ක් වන අතර ඔවුන් ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.