ඉදිරි මාස 06 තුළදී පාතාල ක්‍රියා නැවැත්වීමට අදාළ සැලැස්ම ක්‍රියාත්මක කරලා තියෙනවා – දේශබන්දු තෙන්නකෝන්

ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව දකුණු පළාත හා බස්නාහිර පළාත තුළ සන්නද්ධ අපරාධකරුවන් පුද්ගල ඝාතන සිදුකරන බවත් මේවා සියල්ල මෙහෙයවීම සිදුකරන්නේ විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් බවයි ඔහු සඳහන් කළේ.

ඉතාම ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේ ඉදිරි මාස 06 තුළ මේ සන්නද්ධ කණ්ඩායම් සහ පාතාල ක්‍රියා නතර කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරමින් ඇති බවද ජ්‍යෙෂ්​ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ව්‍යාපාරිකයින්ට තර්ජනය කර කප්පම් ලබා ගන්නා පිරිස් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒවා ලබාදෙන ලෙසයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *