අනුලා රත්නායකගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් ඇය පදිංචිව සිටි ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයට ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

එම ප්‍රහාරයෙන් ඇය මියගොස් තිබූ අතර මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක දෙදරු මවක්.

දේහය දහවල් පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *