මිල්කෝ සේවකයින් 13ක් අත්අඩංගුවට

මිල්කෝ පුද්ගලික සමාගමේ සේවකයන් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිල්කෝ සභාපති රේණුක පෙරේරා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පසුව පොලීසියේ මැදිහත් වීමෙන් මිල්කෝ සභාපති රේණුක පෙරේරා පිටතට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.