පිටකවරේ අමු සින්දුව YouTube මිලියන 10 පසුකරයි.

අමු මියුසික් කල්චර් ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය කරන සංජීව් ලෝන්ලියෙස්ගේගේපිටකවරේ අමු සින්දුව මේ වන විට මසක් තුල YouTube බැලීම් මිලියන 10 පසුකරයි.
සංජීව් ලෝන්ලියෙස් විසින් ඔහුගේ මුහුණු පොතේ පහත සටහන දක්වා තිබීම විශේෂත්වයක්.
ගොඩක් මිනිස්සු ලෝකෙට පෙන්නන්නෙ බොහොම කෘතිම දෙයක්… මන් හිතනවා මියුසික් වලත් එහෙමයි, අපි මෙතෙක් ඇහුවේ.., කෘතිම තාක්ෂණික සද්ද ගොඩක් එක්ක කටහඬ මික්ස් කරලා අඩුපාඩු හදලා මකලා කපලා එඩිට් කරලා ගත්තු කෘතිම සින්දුවක්… ඒකෙ වෙනම ආතල් එකක් තියෙන්ඩ ඇති…
ඒත්, අමු මියුසික් කියන්නේ වෙනම සින් එකකට, මේක ඇතුලෙ කිසිම කෘතිම සද්ද බද්ද නෑ, නැචුරල් මිනිස් ස්වරතන්ත්‍ර සහ ස්භාවික තන්තු, පටල කම්පනයන් එක්ක එන සංබ්‍යාත, කිසිම වෙනස්කිරීමකින් හෝ තාක්ෂණික මික්ස් කිරීමකින් තොරව නැචුරල්ම ඔබට ලබාදිමයි. නමුත් මේක ඇතුලෙ වෙනම සයන්ටිෆික් සිස්ටම් කීපයක්ම තියෙනවා සෑහෙන කාලයක් රිසච් කරලා තමයි මන් ඒවා දැන් උඹල එක්ක බෙදාහදාගන්නෙ,
අපි උඹල දන්නවා තරංග ගැන.. ප්ලාන්ක් සහ අයින්ස්ටයින් ගෙ මත ඇතුලෙන් උඹ පරතෙරට හිතුවොත් උඹට පුලුවන් සංගීත සංබ්‍යාත ඇතුලෙන් වෙනම හැඟීම් හදන්න… ඒ කියන්නෙ ශක්තියක් හදන්න. උඹ හරියටම මේක අධ්‍යනය කරොත් උඹට පුලුවන් කෝඩ් දෙක තුනක් අස්සෙ ඔතපු සංබ්‍යාත ටිකක් එක්ක මහ විප්ලවයක් කරන්න…. ඒ ටික තමා අමු මියුසික් ඇතුලේ තියෙන්නෙ..
දන්නවද මියුසික් වල ගිටාර් එකේ සද්ද ඇතුලෙ තියෙන ඒ සංබ්‍යාත ඇතුලෙ තියෙන සමහර සංබ්‍යාත මිනිස් මොලයේ සංවේදී කලාප උද්දීපනය කිරීමට තරම් ප්‍රභල යි,
ඊලඟ එක වචන.. වල ඇති ශබ්ද, මේක ඇතුලෙ තියෙනවා වෙනම සීන් එකක්. ඒකයි අපේ සෝන්ග්ස් වල මන්ම වචන ලියලා මන්ම මෙලඩි දාලා, මියුසික් කරලා, කෘතිම සද්ද නැතිව වෙනමම සීන් එකකට රෙකෝඩ් කරලා අමු මියුසික් එකක් විදියකට දෙන්නෙ.. මේ ස්භාවික දේවල් එක්ක අපි උඹල නේච එකට බැඳෙනවා… ආර්ට් කියන්නෙ වෙනම විප්ලවය ක් බන්, ආර්ට් කියන්නෙම කෘතිම boost ඇතුලෙ එන 1 M+ ගෝ එකටම නෙමේ නේද මචන්,
මන් හරිම ආසයි උඹත් එක්ක පොලවෙ පය ගහලා බාටා කෑල්ලක් දාන් ඇවිදින්න… මන් හරිම ආසයි සරලව ජීවත් වෙන්න. අන්න එහෙම ආස උඹටයි මටයි ලංකාවෙ කෘතිම මියුසික් අහන්න වෙන එක මාරම අවුලක්. අන්න ඒකට ගේන විකල්පයක් මෙක.
අමු කියන්නෙම සරල අව්‍යාජ බවට, සරල වචන සරල මෙලඩි,
නමුත් මෙක ඇතුලෙ දුවන්නෙ අමුතුම science එකක්. Frequency වල ශක්ති ටිකක්, වචන වල සහ හඬවල හැඟීම් ශක්ති තරංග ටිකක්, අමුතු සරල අව්‍යාජ මියුසික් එකක්, සොසයිටියේ උඹේ අපේ හැඟීම් ටිකක්…
මම ත්, උඹල වගේම , අප්පච්චිගෙ පුට්සයිකලේ ගිහින් බොහොම අමාරුවෙන් ඉගෙනගෙන බාටකෑලි දාන් කැම්පස්වල ඇවිදලා, හැප්පිලා, තෙරපිලා ,මිරිකිලා, වැටිලා පෙරලිලා,නැගිටලා, සොසයිටියට බැහැපු,
ස්වාධීන රසායනවිද්‍යා දේශකවරයෙක්, සුන්දර නෑ මචන් මේ ගමන,
ඒ නිසා කලාව ඇතුලෙ කිසිම හම්බකරන පරමාර්ථයක් නෑ, මට බලෙන් පේජ්වල ගහලා ලොකු youtube channel වල දාලා මිලියන ගනන් වීව්ස් යවාගන්න ඕනි නෑ… එහෙම ඕනිනම් මට ඒක කරන්නත් පුලුවන්…නමුත් මේක ලංකාවෙ මියුසික් ගැන හොයන ඊලඟ පරම්පරාවට කරන වැඩක්.. තව ටික කාලයක් යද්දී ඇත්තටම කලාව විඳින අහන උන්ගෙන් මිලියනය පිරෙන දවසක් එයි. ඇත්තටම කලාව විඳින උන්ගෙන්, ? අන්න එදාට ලංකාවෙ වෙනම දවසක් උදාවෙලා තියේවී ගීත කලාව තුල…
ලංකාවෙ නොමැකෙන නොමැරෙන ගීතයක් හැදුනෙ නෑ නේද බන් කාලෙකින්, මෑතකදී… ලංකාවෙ සමහර උන් හැමදාම කරේ කොහෙන්හරි ගෙනාපු සිස්ටම් එකක් තළු මර මර කොපිකරලා පාවිච්චි කරපු එක. මියුසික් වලත් එහෙමයි… අලුත් කලාත්මක සන්කල්පයක් try කරන්නෙ බොහොම අඩු පිරිසක්… මේ අමු මියුසික් කියන්නෙ කල්චර් එකක්, කියලා කියන්නෙ ඒකයි. මේක අලුත්ම සන්කල්පයක් science & art මුහුකරන…
මනස කියන්නෙ වෙනම විශයක්, බන්, මේ මනසට දැනෙන හැඟෙන සංබ්‍යාත, කියන්නේත් වෙනමම විශයක්…
සමහර තැනකදී කෘතිම ගෝෂාකාරි සංගීතයට ආස හිත් ඇති… තවත් තැනකදී ඒවගේ ගීත මාකට් කරන්නත් ඕනි වෙනවා ඇති. ඒවා විකුනන්නත් ඕනිවෙනවා ඇති.මොකද තාම ලංකාවෙ ආර්ට් industry එකක් හරියට හැදිලා නැති නිසා.. එවෙලට බලෙන් මාකට් කරන එක දිගටම හොඳ ද නරකද නොහිතා මාකට් කරන්න ඕනි වෙනවා ඇති…ඒවගෙන් සල්ලි හොයන්න ඕනිවෙනවා ඇති.මොකද සමහර ආටිස්ට්ලට ජීවත්වෙන්න සල්ලි හොයාගන්න මියුසික් කියන දේ විතරයි තියෙන්නෙ. ඒ නිසා ඒ අයට මොනාහරි දෙයක් කරලා මාකට් කරලා යම්දෙයක් විකුනන්න වෙනවා.
මන් කිසිම විටක කිසිම මියුසික් style එකක් ගැන දොස් කියන්නෙ වත් ඒවා විවේචනයට ලක්කරන්නෙවත් නැත්තෙ ඒකයි. අමු මියුසික් කල්චර් එක ඇතුලෙ එන ප්‍රතිපත්තියක් ඒක…
ලංකාව ඇතුලටත් ඉන් ඔබ්බටත් අලුත්ම මියුසික් style එකක් හඳුන්වා දෙනවා පමණයි..ඒක වැලඳගන්න පුලුවන් ඕනිම කෙනෙක්ට, ඒක set වෙන්නෙ නැත්නම් අයින්කරන්නත් පුලුවන් සමහරෙක්ට..කිසිම අව්ලක් නෑ. මොකද බන් හැම දේම හැම එකාටම සෙට්වෙන්නෙ නෑ,
යම් සංබ්යාතයක් ඇතුලෙ තියෙන ලයිව් අමු ෆීලින්ග් එක අමුවටම අරන් එන එක තමා අමු මියුසික් වලින් කරන්නෙ… මේක ස්ටුඩියෝ එකක් ඇතුලෙ වෙන බොහොම සූක්ශම ලයිව් වැඩක්,
බොහොම සන්තෝසයි ලංකාව ඇතුලෙ ආර්ට් වල ඉන්න ප්‍රභල පිරිසක් මේ වන විටත් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා… ඒ වගේම බොහොම සන්තෝසයි අපිත් එක්ක දිනෙන් දින ලංකාවෙ හැම පැත්තකින් වගේම Fans ලා එකතුවෙනවා, කතාකරනවා, මේ අමු සින්දු ගැන. විශේෂ යෙන්ම කලීෆා” අමු ගීතය සහ ” කට්ටකාලා ” ගීතය අතර අහස පොළව යාකරන කලාත්මක පරතරය හා සන්කල්පය ගැන.
මේ අමු මියුසික් කල්චර් එක තියෙන්නෙ, පරතෙරට ආර්ට් විඳින සුළුතරය ට විතරයි… අපි කොහෙ කොහෙදි හරි හමුවෙමු… වැලඳගමු… ටිකක් නිදහසේ කතාකරමු, නිදහසේ සින්දුවක් අහමු විඳිමු, ආදරේ බෙදාගමු…
එක තැනක එකෙක් ලියලා තිබ්බා, ප්ලේන්ටියයි සිගරට් එකයි සංජීව් අයියා ගෙ අමු සින්දුව යි කියලා… එකක්… මන් හෙන ආස වචන ටිකක් බන් ඒක,
අමු මියුසික් කල්චර් 



Thanks all hearts
Stay tune us
අමු මියුසික් කල්චර්
පරතෙරට විඳින සුළුතරය ට