ICC CWC 2023 : බංග්ලාදේශය අවසන් ස්ථානය දක්වා පහත වැටෙයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔවුන් මේ වනවිට ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින අතර දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 8 බැඟින් ලබා ගනිමින් පිළිවලින් 2 සහ 3 ස්ථානවල රැඳී සිටිනවා.
එසේම ප්‍රසාද ලකුණු 4 බැඟින් ලබාගත් ඔස්ට්‍රේලියාව, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය පිළිවලින් 4, 5, 6 ස්ථානවල රැඳී සිටින අතර ප්‍රසාද ලකුණු 2 බැඟින් ලබාගත් නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය පිළිවලින් 7, 8, 9, 10 ස්ථාන ලබාගෙන තිබෙනවා.
news images