ICC CWC 2023 : ඇෆ්ගනිස්ථානයට කඩුලු 8 ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මූලික වටයේ 22 වන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 74 ක්, Abdullah Shafique ලකුණු 58 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණෟඩායම වෙනුවෙන් Noor Ahmad කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 87 ක්, Rahmanullah Gurbaz ලකුණු 65 ක් හා Rahmat Shah ලකුණු 77 ක් ලබා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *