Asian Para Games : ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත්වී තිබෙනවා.

ඒ අනුව නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර තත්පර 11.63 කින් ඔහු තරඟය අවසන් කිරීමට සමත්ව තිබෙනවා.

එසේම ප්‍රදීප් සෝමසිරි T46 මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර ඔහු මිනිත්තු 4:05.14 කින් තරගය අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *