සමනල වැවට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක්

සමනල වැව ජලාශයේ ජලය මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල මතුපිට සූර්ය බල ශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක් ඇති බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශයේ මෙගාවොට් 150 – 200 පමණ පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීමට හැකියාව ඇති බව තහවුරු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *