වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින තුනකින් වාර්තාවක් ඉල්ලයි

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින තුනක් තුළ වාර්තාවක් සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් ලබා දී ඇත.

කුරුණැගල දිස්ත්‍රික්කයේ අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක 2020 හා 21 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිල දී ගත් වී එම කාලයේ දී අතුරුදන් වීමක් සිදු වී ඇති බවට වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිළි කර තිබේ.

මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරින්ද සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇති බවද එම සේවකයින් පවසා ඇත.

නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා පහක මිල දී ගන්නා ලද වී තොග මෙසේ අඩු වී ඇති අතර මෙම වී තොගවල සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 1000කට ආසන්න වේ.

එසේම මෙම වී තොග සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය හා අපරාධ විමර්ශණ අංශය මගින් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයාට සම්පූර්ණ වාර්තාවක් දින තුනක් තුළ ලබා දීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *