විදුලි ගාස්තු වැඩිවීම ජනතාවට වගේම අපිටත් අමාරුයි – මහින්ද

විදුලි ගාස්තු වැඩිවීම නිසා ජනතාව බොහෝ අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විදුලි ගාස්තු වැඩිවීම නිසා තමන්ද අපහසුතාවට පත්ව ඇති බවයි.
ඕනෑම මැතිවරණයක් සඳහා සිය පක්ෂය සූදානමින් සිටින බවත් එය ජය ගැනීමටද හැකියාව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.