ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් වෙනකොට අපේ රටේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් – අනුර

ආණ්ඩු පෙරළියක් සිදුවන මැතිවරණ වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල උත්සහයක් දරමින් සිටියද එය වැළැක්වීමට ඔහුට නොහැකි වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
මේ වන විට මහජනතාව ඉවසාගත නොහැකි තරමට පීඩාවට පත් වී ඇති බවද, ඔවුන් තවදුරටත් ඉවසා සිටින්නේ ලබන වසරේ ජාතික ඡන්දයට තව ඇත්තේ කෙටි කාලයක් බැවින්, එහිදී තම වැඩ පෙන්වීමේ බලාපොරොත්තුවෙන් බවද ඔහු පෙන්වා දෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දය නොතියා බලයේ සිටීමට උත්සාහ කළහොත්, ව්‍යවස්ථානුකූලව ඔහුට බලයේ සිටිය හැකි කාලයවත් ඔහුට සිටිය නොහැකි වනු ඇති බවද, ඔහු ගෝඨාභය 02 බවට පත්වනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.
පවතින ව්‍යවස්ථාව අනුව ලබන වසරේ අගෝස්තු මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු බවද, එමනිසා ඔවුන් කුමන උත්සාහ දැරුවද ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට මෙරට අලුත් ආණ්ඩුවක් සහ අලුත් පාලනයක් ඇති වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.