මෙරටට වීසා නොමැතිව ඇතුළුවීමට රටවල් 7 කට අවසර

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මෙය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
news images