මාතලේ නගර සභාවේ පොදු වැසිකිලියෙන් ලක්ෂ 13ක් ගසා කාලා

මාතලේ මහ නගර සභාවට අයත් පොදු වැසිකිළි තුනක් බදු දීමේ දී ගැනුම්කාර පාර්ශවයේ ඇපකරුවන් ලෙස නගර සභාවේම සුළු සේවකයින් දෙදෙනෙකු බදුකරු වෙනුවෙන් අත්සන් තැබීමේ සිදුවීමක් විගණනයේ දී අනාවරණය වී තිබෙනවා.
නගර සභා පනතට අනුව නිලධාරීන්ට හා සේවකයින්ට සභාවේ ගිවිසුම්වලට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ.
අදාළ ගැනුම්කරුගෙන් 2022 ජනවාරි සිට පසුගිය ජූනි මස දක්වා වැසිකිළි තුනෙන් රුපියල් දහතුන් ලක්ෂ 98,316ක මුදලක් නගර සභාවට අයවිය යුතු බව ද විගණනයේ දී අනාවරණය වී තිබෙනවා.
පසුගිය කාලය තුළ මාතලේ මහ නගර සභාවට අයත් ආදාහනාගාරය වෙන් කිරීමේ දී, ආදාහනාගාරයට ගෑස් මිල දී ගැනීමේ දී මෙන්ම ගලි සේවා ලබා දීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධව මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමගයි මෙම කරුණු ද අනාවරණය වී ඇත්තේ.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද මේ වනවිට පත්කර ඇති අතර එම කමිටු සාමාජිකයින්, මාතලේ නගර සභාවේ නිලධාරීන් හා සේවකයින් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.