පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අවධාන​ය

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව කතානායක සහ සියලුම පක්ෂ නායකයන් ගේ අදහස් ලබා ගැනීමටත් අනතුරුව එකී අදහස් සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලි භාවය හා වෘත්තීය භාවය පිළිබඳ සහතික වීම, ව්‍යස්ථාදායකයේ සඵලත්වය ආදි​ය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *