ඩෙංගු රෝගීන් වාර්තා වීම යළි ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, ගඟ වට කෝරලයේ ප්‍රදේශය, කොළඹ, නුගේගොඩ, ගොතටුව, ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

වසරේ මේ දක්වා ඩෙංගු රෝගින් 66,500 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *