කිරිදි ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

වැල්ලවාය සිට තණමල්විල ඔස්සේ ලුනුගම්වෙහෙර ජලාශය දක්වා ගලා බසින කිරිදි ඔයේ ජලමට්ටම වැල්ලවාය ප්‍රදේශයේදී සැළකියයුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගතවූ පැය කිහිපය තුළ කිරිඳි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම මීට හේතුවයි. ඒ හේතුවෙන් කිරිදි ඔය දෙපස ජනතාව මේ සම්බන්ධව දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
මේ හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශය වාන් දැමීමේ හැකියාවක් නොමැති බවත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි