ICC CWC 2023 : ඇෆ්ගනිස්ථානයට ලකුණු 283 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 22 වන තරගය පාකිස්ථාන කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 74 ක්, Abdullah Shafique ලකුණු 58 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණෟඩායම වෙනුවෙන් Noor Ahmad කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 283 ක්.