ශ්‍රී ලංකාව පෙර පැවති ආර්ථික අර්බුදයට යළි පත් නොවේවි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහගේ විශ්වාසය

ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ඊට පසුබිම නිර්මාණය වෙමින් පවතින බවයි.
“මෙරට ආර්ථික වර්ධනය උදෙසා ආහාරපාන කර්මාන්තයේ දායකත්වය” මැයෙන් කොළඹ වාණිජ මණ්ඩලය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදී ඇති නිර්දේශයන් යනු දශක ගණනාවක් රටට අවශ්‍යව තිබූ ප්‍රතිසංස්කරණ බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එමගින් ශ්‍රී ලංකාව යළිත් පැවති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන තත්ත්වයට පත් වනු ඇති බවයි.
විශේෂයෙන් ම දුෂණය අවම කිරීම, බදු ජාලය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය සිදු කිරීම ව්‍යාපාර සඳහා විශ්වාසය ඉහළ නැංවීමක් බව ඔහු සඳහන් කළා.