මාතර ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට තීරණයක්

දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අකුරැස්ස, දෙණියාය, මුලටියන සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පාසල් වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.
මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.