මාතර ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

නිල්වලා ඟගේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඊයේ (22) සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර හා දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙන්නේ.
news images