ධීවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි සඳහන් වන්නේ.
උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 40 – 45ත් අතර එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
එසේම මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.
news images