ජනාධිපතිවරණයට රනිල් පමණක් ඉදිරිපත් වුනොත් ඉතිරි වෙන බිලියන 13 න් විදුලි බිල අඩු කර​ගන්න පුළුවන් – වජිර

ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාගේ ඉල්ලුම් පත්‍රය පමණක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණය​කට යෑ​මේ අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා වැයවන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීමට ඉතිරිකරගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන පුද්ගලයින් තමන්ට රට ගොඩගැනීමට නොහැකි බව දන්නා නිසා ඔවුන් කළ යුත්තේ ඉල්ලුම් පත්‍ර භාර නොදී සිටීම වන අතර ජනතාවද රටට අනවශ්‍ය බරක් පැටවීමෙන් වළකින ලෙසට ඔවුන්ට බල කළයුතු බවයි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *