ජනපතිවරයාට ශක්තිය ලබාදෙන අපිට මෙහෙම කිරීම වේදනාවක් – පොදුජන පෙරමුණ

අද (23) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කණගාටුවක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ජනාධිපතිවරයාට එම ධූරය ලබාදී පාර්ලිමේන්තුවේදී රජය ගෙනයාමට ඔහු​ට සහයෝගය ලබාදෙන අති බහුතරයක් මන්ත්‍රීවරුන් පොදුජන පෙරමු​ණේ බවත් මන්ත්‍රීවරුන් 5 දෙනෙක් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධූරයක් හා රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් සතුටු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එය වැරදි දෙයක් බවද, ජනාධිපතිවරයා වුවත් වැරැද්දක් සිදු කරනවා නම් වැරදියි කීමට බියක් නොමැති බවද, ජනාධිපතිවරයාට එසේ නොකර සිටීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විවිධ චෝදනා එල්ල කළද ඒවා සියල්ල බොරු බවට ඔප්පු වූ බවයි නීතීඥ සාගර කාරියවසම් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *