කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත​ට

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත්කර ඇති අත​ර ඔහු පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

මීට අමතරව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය සඳහා මහින්ද අමරවීර පත්කර ඇති අතර දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *