ICC CWC 2023 : ශ්‍රී ලංකාව 8 වන ස්ථානය දක්වා ඉදිරියට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (21) දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින් 8 වන ස්ථානයේ රැඳී සිටිනවා.
ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට නවසීන්ත කණ්ඩායම සමත් වී ඇති අතර ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳී සිටිනවා. ඔවුන් ප්‍රසාද ලකුණු 8 බැඟින් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රසාද ලකුණු සටහන අනුව ලකුණු 6 ක් ලබාගෙන දකුණු අප්‍රිකාව 3 වන ස්ථානයේත් ප්‍රසාද ලකුණු 4 බැඟින් ලබාගත් ඔස්ට්‍රේලියාව හා පාකිස්ථානය පිළිවලින් 4 සහ 5 ස්ථානවල රැඳී සිටිනවා.
බංග්ලාදේශය, නෙදර්ලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක් තරගය බැඟින් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන පිළිවලින් 6, 7, 8, 9, 10 යන ස්ථානවල රැදී සිටිනවා.
ප්‍රසාද ලකුණු සටහන පහතින්.
news images