ලබන වසරේ සිට දෛනික ඉන්ධන මිල සංශෝධන ක්‍රමයක්

දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට එම ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය විසින් නිවේදනයක් නිකුත් කරනවාට වඩා ඉන්ධන බෙදා හරින ආයතන විසින්ම ඔවුන්ට පාඩුවක් නොවන ආකාරයට ස්වයංක්‍රීයව සිදුවන මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *