රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් බලපත්‍රලාභී විදෙස් රැකියා නියෝජිතායතන දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින්, තොරතුරු තාක්ෂණය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමේදී තොරතුරු තාක්ෂණය උපයෝගි කරගත යුතු ආකාරය හා විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් බස්නාහිර පළාතේ බලපත්‍රලාභීන් වෙත ලබාදීමට කාර්යාංශය එහිදී කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව රැකියා නියෝජිතායතනවල සාමාජිකයින්ට ඔවුන්ට ඇති ගැටළු කාර්යාංශ නිළධාරින් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාවද ලබාදුන් බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *