කෝටි 400ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මොවුන් අත්ඩංගුවට ගෙන තිබෙනවා.