අහුංගල්ලේදී එකම පවුලේ තිදෙනෙකුට වෙඩි තැබීමක්

අහුංගල්ල ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්නයේදි අහුංගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.

ස්කූටරයේ ගමන් කරමින් සිට ඇත්තේ මව, පියා හා දරුවා බවයි සඳහන් වන්නේ.

වෙඩිතැබිමෙන් තුවාල ලැබු තිදෙනා ප්‍රතිකාර සදහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබිමෙන් තුවාල ලබා ඇත්තේ විදේශගත සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලුහත් නදිශ් කුමාර ආබ්‍රේව් නොහොත් බාබා යන අයගේ බිරිඳගේ සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *