ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා දහසක්

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ඒ අනුව එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවයි අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඊශ්‍රායල පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට එක් වෙමින් ඔහු පැවසුවේ
එමෙන්ම ගැටුම් හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සියලුදෙනා සම්බන්ධයෙන් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට සූදානමින් සිටින පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව පිටත් කර යැවීමට ද අවශ්‍ය පියවර ගන්නා බවයි