විදුලි ගාස්තු අද සිට ඉහළට

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 0 සිට 30 දක්වා පැවති ඒකකයක් සඳහා රුපියල් 10ක් පැවති ගාස්තුව රුපියල් 12කින් ඉහළ යන අතර, 150ක පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට අවසර ලබාදී ඇති අතර එහි ස්ථාවර ගාස්තුවද 300 සිට 360 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක් සඳහා 35ක පැවති ගාස්තුව 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 400 සිට 480 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා 50 ක පැවති ගාස්තුව 59 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 1000 සිට 1180 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.

සම්පූර්ණ ගාස්තු වැඩිවන ආකාරය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *