මේ රටේ සියලු සම්පත් ආණ්ඩුව සමඟ බද්ධ වූ කුඩා කණ්ඩායමක් භුක්ති විඳිනවා – අනුර දිසානායක

රට තුළ ඇති සියලු සම්පත් ආණ්ඩුව සමඟ බද්ධ වූ කුඩා කණ්ඩායමක් විසින් භුක්ති විඳිමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
මහජනතාව රෝහල්වල බෙහෙත් නොමැතිව මිය යන සමයක සහ ජනගහණයෙන් 68% ක් වේල් තුන ආහාර ගැනීමේ දුෂ්කරතාවලින් පෙළෙන සමයක, කෙතරම් අර්බුධ මධ්‍යයේ වුවද එම කුඩා කණ්ඩායම ඉතාමත් සුඛ විහරණ සහිත ජීවිත ගත කරන බවද ඔහු පෙන්වා දෙනවා.
ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ රටේ ආර්ථිකය ප්‍රසාරණය කර, සෑම පුරවැසියෙකුටම ආර්ථිකයට ප්‍රවිෂ්ට වීම සඳහා ඇති සාධාරණ අයිතිය ලබාදෙන බවද, පුරවැසියන් වෙත ප්‍රතිලාභ ගලා එන්නේ එසේ කළහොත් පමණක් බවද ඔහු අවධාරණය කරනවා.