ප්‍රථම වරට යාපනයට යන ආදිවාසීන්

මහියංගනය ප්‍රදේශයේ ජීවත්වන ආදිවාසීන් ප්‍රථම වරට හෙට(21) යාපනයේ සංචාරයකට යාමට සූදානම් බව වාර්තා වනවා.
ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රථම වරට යාපනයේ දින දෙකක සංචාරයක් සිදු කිරීමට නියමිතයි.
මෙය තමාගේ පළමු යාපනය සංචාරය වන අතර දින දෙකක් යාපනයේ ප්‍රසිද්ධ ස්ථාන නැරඹීමට ගොස් නැවත සිය නිවස වන මහියංගනය වෙත යන බවයි ඌරුවරිගේ වන්නිල ඇත්තන් කියා සිටියේ.