ICC CWC 2023 : නවසීලන්තයට ලකුණු 149 ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති මූලික වටයේ 16 වන තරගය ලකුණු 149 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 288 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදෙීමේදී Glenn Phillips ලකුණු 71 ක්, Tom Latham ලකුණු 68 ක් හා Will Young ලකුණු 54 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩාම වෙනුවෙන් Naveen-ul-Haq හා Azmatullah Omarzai කඩුලු 1 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 139 ක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *