වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
එමෙන්ම, බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බව සඳහන්.
බස්නාහිර, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.