නාරම්මලදී බස් රථයක් අනතුරට – 19කට තුවාල

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
අලව්ව සිට නාරම්මල දක්වා ගමන්කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල සහ නාරම්මල රෝහල් වෙත ඇතුලත් කර තිබෙනවා.