තීරු බදු නොගෙවූ දුම්වැටි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ අද (19) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කළ බවයි.

සැකකරු ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද විවිධ වර්ගයේ දුම්වැටි 14,400ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 38 හැවිරිදි වියේ පසුවන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *