ලෝක අර්බුද මධ්‍යයේ වුවත් රසායනික පොහොරවල මිල වැඩි කරන්නේ නැහැ

මේ වනවිට ලෝකය තුළ උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් රසායනික පොහොර ඇතුළු ආනයනික බොහෝ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින නමුත්, ගොවි ජනතාවට ලබාදෙන රසායනික පොහොරවල මිල ඉහළ නොදැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අනුරාධපුර අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම ඥානරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඉදිරි මහ කන්නයේදී වගා කටයුතු ආරම්භ කිරීමට පෙර මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීම මෙම හමුවීමේ පරමාර්ථය වුණා.
එහිදී ගොවි ජනතාවගේ විශ්වාසය තහවුරු වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත්, විශේෂයෙන් ගොවි ජනතාවට රජය මගින් සහන ලබාදිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළා.
මින් පෙර ආනයනය ලද යූරියා පොහොර තොගවලින් මෙට්‍රික් ටොන් 21,000ක් මේ වනවිට බෙදාහැර ඇති අතර, තවත් යූරියා පොහොර විශාල ප්‍රමාණයක් ආනයනය සඳහා මිල ගණන් කැඳවා තිබෙනවා.
රජයට අයත් පොහොර සමාගම් සතුව තිබූ පොහොර එම මිලටම සපයන අතර, අලුතින් මිලදී ගන්නා යූරියා පොහොර මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් තිබුණ ද, පැවති මිලටම එනම්, රුපියල් 9000ක මුදලටම ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
රජයේ පොහොර සමාගම් සතුව පවතින යූරියා සහ MOP පොහොර මෙතෙක් ලබාදුන් මිල ගණන් යටතේ එනම්, යූරියා පොහොර මිටියක් රුපියල් 9000ක මිලටම ඉදිරියේදීත් ලබා දෙන බවත් කියා සිටියා.
දැනට රුපියල් 14,000 දක්වා අඩුකර ඇති MOP පොහොර මිටියක මිල රුපියල් 12,000 දක්වා අඩු කිරීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය කටයුතු යොදන බවද සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ඉදිරි මහ කන්නයේදී රසායනික පොහොර හෝ කාබනික පොහොර ගොවි අභිමතය පරිදි මිලදී ගැනීම සඳහා රුපියල් 15000ක මුදලක් සෑම ගොවි ගිණුමකටම බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12,000ක්.
මෙවර මහ කන්නයේ දී මඩ පොහොර (TSP) පුද්ගලික අංශය මඟින් සපයනු ලබන අතර, සෑම පොහොර වර්ගයක්ම කිසිදු හිඟයකින් තොරව ගොවි ජනතාව වෙනුවෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේ වනවිට ගෙන ඇති බවයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.