මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබ​ඳ පනතට සංශෝධන කිහිපයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනයන් කිහිපයක් එකතුකිරීම​ට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බවයි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *