බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල – දියතලාව අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්ව තිබූ බදුල්ල කොළඹ සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය යලි පිලිගත කිරීමත් සමඟ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය අද (18) අලුයම සිට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (17) පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය මීට පෙර දින (16) දි දියතලාව හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිළීපැනිමට ලක් වූ අතර ,එය යථා තත්වයට පත් කිරිමෙන් අනතුරුව එම දුම්රිය ම යලි ඊයේ (17) බණ්ඩාරවෙල දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණ .

පසුව පැවති අධික වර්ෂාව , මීදුම මෙන්ම ශීතල මධ්‍යයේ දුම්රිය සේවකයන් මහත් වෙහෙසක් දරමින් බදුල්ල කොළඹ විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රියේ පිළීපැනිමට ලක් වූ නැරඹුම් මැදිරිය සහ තවත් මගී මැදිරියක් පීළිගත කර කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනය අද (18) අලුයම සිට සාමාන්‍ය පරිදි පැවත්වෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *