ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ලබාදීම කල් තබයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

එහි තීන්දුව අද (18) අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ, අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *